ධර්මයයි ඔබයිධර්මයයි ඔබයි
Skip to content

ආධ්‍යාත්මික ඉඩෝරය


17 නොවැම්බර් , 2016

නිස්සාර පොළෝ තල දාහයෙන් දැවෙන සඳ,
අතු පතර පත් සිඳුනු වියළි තුරු මඩුලු ඇත,
සිඳුනු උල්පත් ජලය පිපාසිත දනන් හට,
මරු සමඟ එක්ව මේ කරන සරදම කිම ද…

ඉරි තැලුනු දෙරණ මත වැතිර හිස් අඹර දෙස,
දූලි තැවරුනු දෙඅත දිගු කරන මිනිස්කම,
උමතුවෙන් මුමුණමින් යදින්නේ ජීවිතය,
කමාවක් ලද හැකි ද කරපු අකුසල්වලට…

අබුදු වර දිගුව නැගි අඳුර රජයන ලොවක,
මතු දවස උදා වෙයි නිවුනු කල බුදු පහන,
කෙලෙස් සිත් පුබුදුවන අධර්මය ලොව වෙලන,
මිනිසුනට නොවැටහෙයි කුසල-අකුසල වෙනස…

ගනිති ඉඳුරන් වෙතට නේක විධ අරමුණු ම,
තවති සිත් පරපුරක් කෙලෙස් ගතියෙන් මත්ව,
සමාජය රුදුරු වෙයි මව පියා නො හඳුනන,
මිනිස්කම තෙත්ව යයි රුහිරු වැසි ඇද හැලෙන…

කර්මයට විපාකය සොබාදම දෙනු ලබන,
අනාගත ඉරණමයි ඔබට මට උරුම වුන,
පව්කාර දෙඅත් මත දූලි තැවරුනු පසුව,
කමාවක් නැත කිසිත් පුහුදුන් මිනිසුනට…

මිදෙන්නට මින් මගක් හසු නොවී ඉඩෝරයට,
මියෙන්නට පෙර අපේ ගෝතම බුදු සසුන,
රැඳෙන්නට අවසරයි ගතවනා මොහොත තුල,
සොයන්නට අවැසි නම් “මම” නමැති මායාව…

තෙරුවන් සරණයි !


සජිනි සමරක්කොඩි

අදහස්

සදහම් ලිපි ගොනුවෙන් ...




ධර්මයයි ඔබයි පුවත් ලිපි

ධර්මයයි ඔබයි විසින් ඉදිරිපත් කෙරෙන විද්‍යුත් පුවත් ලිපි (Newsletters) ලබාගැනීමට ඔබගේ විද්‍යුත් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ විද්‍යුත් ලිපිණය අනිවාර්යයි ඔබගේ විද්‍යුත් ලිපිණය වැරදී

ස්තූතියි,

ඔබගේ විද්‍යුත් ලිපිනයට අප දැන් පණිවිඩයක් එවනවා ඇත.

 

තෙරුවන් සරණයි. මෙම දින වල ආරාමයේ මල් මුර පිංකම් මාලාවට සමගාමීව න්‍යාය ධර්ම දේශනාවකට සම්බන්ධ වීමට අවශ්‍ය නම් කරුණාවෙන් ධාරණ ධම්ම හිමි අමතන්න. 076 135 6337 නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!